FAST NEWS

24×7 Around the Globe

තිරිඟු පිටි මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජය විසින් පැනවූ සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් මෙරටට තිරිඟු පිටි ආනයනය කරනු ලබන සමාගම් රුපියල් 13කින් පිටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ හේතුවෙන් ඉදිරියේ දී පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පමණ ඉහළ දැමීමට සිදු වන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කරන්නේ.