FAST NEWS

24×7 Around the Globe

පාසල් දරුවන්ට අද සිට ඔසු කැඳ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් දරුවන්ට අද (03) සිට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන ප්‍රථමයෙන් පාසල් 1000ක ක්‍රියාත්මක බව අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේය.

පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මගහැරවීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.