FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු අඩු කරන්නේ නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩිසල් මිල ගණන්වල කිසිදු අඩුවක් සිදුවී නොමැති බැවින් මෙම අවස්ථාවේ කිසිදු ආකාරයකින් බස් ගාස්තු අඩු කිරීමක් නොකරන බව බස් සංගම් පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ සභාපති, අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ, ඩීසල් මිල අඩු නොවු පසුබිමක කිසිදු ආකාරයක බස් ගාස්තු අඩුවීමක් සිදු නොකරන බවය.