FAST NEWS

24×7 Around the Globe

අද ඉන්ධන මිලෙහි වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව අද(01) දිනයේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබේ.

එලෙස මිල සංශෝධනය කළ යුතුව තිබූ අවස්ථා හතරක දී ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු වී නැත.

ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට රජය මීට මාස කිහිපයකට පෙර ප්‍රතිපත්තිමය තීරණයක්ගෙන තිබුණු අතර ඒ අනුව අවසන් වරට පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනයක් සිදු කෙරුණේ පසුගිය ජූලි 17 වැනිදායි.