FAST NEWS

24×7 Around the Globe

සොබාදනවි ලබන වසරේදී ජාතික පද්ධතියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සොබාදනවි එල්.එන්.ජී. බලාගාරය ලබන වසරේදී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

LTL ආයතනය විසින් ඉදිකරනු ලබන මෙම විදුලි බලාගාරය හරහා ජාතික විදුලි බල පද්ධතියට මොගා වොට් 350ක ධාරිතාවක් එක්කිරීමට නියමිතය.

LTL ආයතනයට අයත් යුගදනවි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. නොරොච්චොල තෙවැන ජනන යන්ත්‍රයේ බිඳ වැටීමත් සමග ජාතික පද්ධතියට අවශ්‍ය විදුලි බලය ලබාදුන්නේ යුගදනවි බලාගාරයෙනි.