FAST NEWS

24×7 Around the Globe

හෙට සත්වෝද්‍යාන ළමුන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (01) දිනට යෙදී ඇති ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී තිබෙනවා.

එමෙන්ම සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීමට අධ්‍යාපනික වැඩ සටහන් රැසක් ද සංවිධානය කර ඇති බව වාර්තා වනවා.

දරුවන්ට හා වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සියලු වනෝද්‍යාන වල සලසා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.