FAST NEWS

24×7 Around the Globe

ළඟදීම ලංකාවට ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ආසියානු බැංකු අධිපතිවරුන්ගේ සම්මේලනයට එක්වීම සඳහා පිලිපීනයට ගොස් සිටින ජනපතිවරයා ආසියානු බැංකු සභාපතිවරයා හා පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.