FAST NEWS

24×7 Around the Globe

සනත් නිශාන්ත ට සිතාසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝම්බර් මස 13 වනදා පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙත සිතාසි නිකුත් කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.