FAST NEWS

24×7 Around the Globe

අදත් විදුලි කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (29) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

M,N,O,X,Y,Z කලාප සඳහා අලුයම 5.30ත් පෙරවරු 8.00ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ.

මේ අතර CC කලාප සඳහා පෙරවරු 6.00ත් පෙරවරු 8.30ත් අතර පැය 2යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

No photo description available.