FAST NEWS

24×7 Around the Globe

තිරිඟු පිටි මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කිලෝග්‍රෑම් 50 ක තිරිඟු පිටි මිටිය වෙළෙඳපොළේ රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පවතින තත්ත්වය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල බේකරි රැසක් වැසී ගොස් ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේය.

මේ අතර, ඇණවුම් කළ තිරිඟු පිටි තොග දිවයිනට ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ ය.