FAST NEWS

24×7 Around the Globe

අධිආරක්ෂිත කලාප ටික මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ(23) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශය, ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යංශය හා යුද්ධ හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය, මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ එලෙස අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර ඇත.

අදාළ ගැසට් පත්‍රය මෙතනින්