ලබන සතියේ තිරිඟු පිටි මිල පහළට

ලබන සතියේ තිරිඟු පිටි මිල පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇණවුම් කරන ලද තිරිඟු පිටි මේ වනවිට වරායට පැමිණ ඇති නිසා ලබන සතියේ සිට පිටිවල මිල පහළ යනු ඇතැයි ආනයනකරුවන් පවසයි.

තුර්කියෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඇණුවුම් කරන ලද තිරිඟු පිටි තොග ගෙවුණු සතියේ සිට මෙරටට පැමිණ ඇත.

තිරිඟු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙක පසුගිය මාසවල ඇණවුම් නොකිරීම නිසා රට තුළ පිටි හිඟයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් කිලෝග්‍රෑමයක් රුපියල් 350-400 අතර මිලකට ඉහළ ගියේය.

කෙසේ වෙතත් කොළඹ හතරවන හරස් වීදියේ ආනයනකරුවන් විසින් තිරිඟු පිටි ඇණවුම් කිරීමත් සමග එහි තොග ලැබීමත් සමග කිලෝවක මිල රුපියල් 300 පහළ මට්ටමකට පහත බසිනු ඇති බව වාර්තා වේ.

ලබන සති අන්තය වනවිට ඇණවුම්වල විශාල තොග රටට පැමිණීමට නියමිත බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

COMMENTS

Wordpress (0)