FAST NEWS

24×7 Around the Globe

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘතව තැබෙන කාලය දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අද පැවැත්වේ. ප්‍රදර්ශන භුමිය ඊයේ දිනයේදී මහජනතාවගෙන් පිරී පැවතුණා. ඒ හේතුවෙන් රාත්‍රී 7 දක්වා විවෘතව තැබූ කාලය පැයකින් දීර්ඝ කර තිබේ. ඒ අනුව උදැසන 9 සිට රාත්‍රී 08 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට සංවිධායකයින් තීරණය කර ඇත.

වෙළදපලේ පවතින මිලට වඩා අඩු මිලකින් මෙහිදී පොත් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පවසයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය ලබන 25 වන දා දක්වා පැවැත්වේ.