FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු රෝගීන් වැඩිවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ 36 වන සතිය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 55,012 දෙනෙකු වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කළේය .

කෙසේවෙතත් පසුගිය වසරේ මේ වන විට එම සංඛ්‍යාව 18,265ක් බව එම නිවේදනයේ දැක්වේ.