FAST NEWS

24×7 Around the Globe

ජනපති බ්‍රිතාන්‍ය බලා පිටවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, අභාවප්‍රාප්ත වු දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමටය.

අද (17) අලුයම 3.15ට පමණ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරනු ලබන ප්‍රථම නිල විදේශ සංචාරය මෙය වන බව වාර්තා වේ.

දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා සිදුකිරීමට නියමිත අතර එයට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 20 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.