FAST NEWS

24×7 Around the Globe

ජනපති නිවසින් දේපළ සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී දේපළ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ජුලි 09 දා නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් කොල්ලුපිටියේ පිහිටි ජනපතිගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී දේපළ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 20ක් වන බොරලැස්ගමුවේ පදිංචි සැකකරුවන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද දිනයේදී කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.