FAST NEWS

24×7 Around the Globe

නොගෙවපු වතුර බිල් ගෙවන්න මාස දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙතෙක් ජල බිල්පත් පියවා නොමැති මැතිඇමැතිවරුන්ට තවත් මාස දෙකක් කාලයක් ලබාදීමට ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පැවසුවේ එම කාලසීමාව තුළදී හිග ජල බිල්පත් නොගෙවන්නේ නම් අදාළ මැතිඇමැතිවරුන්ගේ ජල සැපයුම් විසන්ධි කිරීමට සිදුවන බවයි.

මෙම වසරේ අගෝස්තු මාසය තුළ පමණක් ජල බිල් නොගෙවූ ජල සැපයුම් විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් විසන්ධි කිරීමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම වසරේ අගෝස්තු මාසය තුළ ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම් 21,527ක් එලෙස විසන්ධි කර තිබේ.