FAST NEWS

24×7 Around the Globe

කරාතේ සොයිසා ඝාතනයට අනුරාධපුර 35කට මිනීමැරුම් චෝදනා.

අනුරාධපුර  ත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කළැයි හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු ඇතුළු 35 දෙනකුට පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා ඉදිරිපිට අද (26) චෝදනා ගොනු කළේය.

සැකකරුවන් භාවිතා කළ මුහුණු ආවරණ රජයේ රස පරීක්ෂකටද පහර දීමට යොදාගත් බව කියන වෙලන්, කුරටියා හා කිතුල් පොලු පේරාදෙණිය උද්භිද උද්‍යානයටද යවා වාර්තා ලබාගන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.