(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කඩිනමින් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අද (13) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිව හිමි වී ඇත.
ඒ අනුව, කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතිය මගින් ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 70ක් සහ ආපදා අවම කිරීමේ පියවර මගින් නාය යාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියෙන් ලැබුණු ඩොලර් මිලියන 30ක මුදල මේ සඳහා යොදා ගැනීමට නියමිත ය.








