FAST NEWS

24×7 Around the Globe

පැෆරල් සංවිධානයෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව මැතිවරණ ක්‍රමයක් පිළිබද ජනමත විචාරණයක් පැවැත්වීමට හෝ නව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් වන මූලික යෝජනාවලියක් අවශ්‍ය වන බව පැෆරල් සංවිධානය අවධාරණය කරනවා.

එවැනි මූලික එකඟතාවකින් තොරව ජනමත විචාරණයක් පැවැත්වීම පවා ප්‍රායෝගික නොවන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

නව මැතිවරණ ක්‍රමයක් සකස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට මාස 06 ක කාලයක් ලබාදෙන බව ඔවුන් පවසනවා.

එසේම අවශ්‍යතා ඉටු නොවන්නේ නම් තමන් ජනමත විචාරණයකට ගොස් ජනතා මතය විමසන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ද ප්‍රකාශයක් කරනු ලැබුවා..

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව කියා සිටියා.