(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පළාත්පාලන ආයතනවල කාලසීමාව පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ බව ප්‍රකාශ කළා.
කෙසේවෙතත් පසුව එම කාලසීමාව වසරකින් දීර්ඝ කෙරුණා.
ඒ අනුව ලබන වසරේ මාර්තු 20 වනදායින් පළාත්පාලන ආයතනවල කාලය අවසන්වීමට නියමිතව තිබෙනවා. එම නිසා මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ඡන්ද නාමලේඛනයට අත්සන් තැබීම ඔක්තෝම්බර් මස 30 වනදාට පෙර සිදු කරන බවයි. එසේම දීර්ඝ කළ කාලසීමාවට පෙර මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
තවද මැතිවරණයට අදාළ ගැසට් පත්‍රය දෙසැම්බර් මාසය වනවිට නිකුත් කිරීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කොට තිබෙනවා.








