FAST NEWS

24×7 Around the Globe

උඩරට විවාහ හා දික්කසාද පනත් කෙටුම්පත ගැසට් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ පනත් කෙටුම්පත ගැසට් කර ඇත.

එම නව පනත් කෙටුම්පත මගින් බාල වයස්කරුවෙකුගේ විවාහය සඳහා නිසි බලධරයෙකුගේ කැමැත්ත ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කර ඇති අතර එමඟින් උඩරට නීතියට යටත් සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුද 18ක් බවට පත් කර තිබේ.

උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට පසුගිය අගොස්තු මස පළමුවැනි දින අනුමැතිය හිමිවු අතර එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතය.