FAST NEWS

24×7 Around the Globe

‘විදුලි බිල නොගෙව්වොත් විදුලිය වියන්ධි කරනවා’

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි බිල නොගෙවා සිටියහොත් විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශයක් සිය ට්විටර් ගිණුමෙන් හුවමාරු කළ එයට අදහසක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසයි.

මෙහිදී ඕමල්පේ හිමියන් පවසන්නේ මීට පෙර රුපියල් 58000ක් වූ තම විහාරස්ථානයේ විදුලි බිල මේ වන විට ලක්ෂ තුනක් දක්වා වැඩිවී ඇති බවයි.

එම විදුලි බිල් තමන්වහන්සේ නොගෙවන බද උන්වහන්සේ පැවැසූහ.