FAST NEWS

24×7 Around the Globe

කෝටි ලක්ෂය ඉක්මවන රාජ්‍ය සහ සංස්ථා පාඩුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

රාජ්‍ය සංස්ථාවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඉකුත්දා පැවැති මන්ත්‍රීවරුන්ගේ වැඩමුළුවකදී ද ප්‍රකාශ කර ඇත

මෙසේ පාඩු ලබන රාජ්‍ය සංස්ථා මණ්ඩල අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම,ලංකා විදුලිබල මණ්ඩලය,ශ්‍රී ලංගම,ඇතුළු ආයතන ප්‍රධාන තැනක් ගන්නා බව ද පැවසේ.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද රජය මේ වන විට අවධානය යොමු කර ඇත්තේ,එම ආයතන ලබන මෙම දැවැන්ත පාඩුව රජයට තවදුරටත් දරා ගත නොහැකි බව පවසමිනි .