FAST NEWS

24×7 Around the Globe

තවත් අරගලකරුවකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මන්දිරයට ඉකුත් ජුනි 9 වැනිදා අයුතු ලෙස ඇතුළු වූ ප්‍රථම අරගලකරුවා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට ඊයේ (08) දන්වා සිටියේය.

ඊට අමතරව ඉකුත් ජුනි 13 වැනිදා අගමැති කාර්යාලයේ දොරටුවට පහර දෙමින් අයුතු ලෙස ඇතුළු වූ තවත් අරගලකරුවකු අත්අඩංගුවට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත දන්වා සිටියේය.

රොෂාන් ප්‍රසාද් දාබරේ සහ කැලුම් ප්‍රියදර්ශන ද සිල්වා යන සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය එලෙස දන්වා සිටියේය.