(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ ගෙදරට ආවේ ආපහු යන්න නොව ඉන්නම යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
හරීන් සහ මනූෂ නැවත ආවොත් ගන්නේ නැති බව වෙනත් පක්ෂයක ගාල්ලේ පැවැති රැස්වීමකදී පවසා තිබු බව කී අමාත්‍යවරයා ඉතින් ඒ පක්ෂයට යන්නේ කවුදැයි ප්‍රශ්න කළේය.
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා කීවේ
එජාප වේදිකාවට එන විට අබමල් රේණුවකවත් අමුත්තක් දැනුනේ නැති බවත් නැවත තාත්තා ළඟට පැමිණි බව තේරුණ බවත්ය.








