FAST NEWS

24×7 Around the Globe

අද වැසි සහිත කාලගුණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල හා මහනුවර දිස්ත්‍රික්කවල අද (07) දිනයේ මිලිමීටර් 50 කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර හා වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් ය.

එහි දැක්වෙන්නේ, මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම්වල පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

මේ අතර වර්ෂාවත් සමග ගංඟා කිහිපයක හටගත් ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා පැවසී ය.