FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය අගමැතිට ජනපති රනිල්ගෙන් සුබපැතුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූ ලිස් ට්‍රස් මහත්මියට සුබ පැතුම් එක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ද්විපාර්ශ්වික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.

එංගලන්තයේ අගමැති ධුරයෙන් බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නව නායකයා තෝරා ගැනීමේ මැතිවරණය පසුගිය 02 වැනිදා අවසන් විය.

ලිස් ට්‍රස් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අතර හෙට අගමැති ලෙස දිවුරුම් දීමට නියමිතය.