FAST NEWS

24×7 Around the Globe

22 වන සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කර තිබෙනවා.

ඒ අනුව එම වගන්ති සම්මතවීමට නම් ඒවා සංශෝධනය කිරීම කල යුතු වනවා.

නොඑසේනම් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරුපණයේ සඳහන් වන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දන්වා සිටියේ.