FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන ඇණවුම් කිරීමේ වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ඇණවුම් කිරීම සදහා නව ක්‍රමවේදයක්‌ හදුන්වාදුන්නා.

ඒ ඉන්ධන ඇනවුම් ලබාගැනීම සදහා පෙරදින රාත්‍රී 9.30 ට පෙර මුදල් ලබාගැනීමේ ක්‍රමවේදයකුයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඉන්ධන හල් හිමියන්ගෙන් ලැබුණු චෝදනා හමුවේ මෙම ක්‍රමයේ කුඩා වෙනසක් සිදුකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වු ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සදනායක මහතා ප්‍රකාශ කළේ මුදල් ගෙවීමට ලබාදී තිබූ කාලය 10.30 දක්වා දීර්ඝ කොට ඇති බවයි.

කෙසේවෙතත් එයද ප්‍රමාණවත් නොවන බව ඉන්ධන හල් හිමියන් ප්‍රකාශ කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ අවම රාත්‍රී 12 දක්වාවත් මෙය දීර්ඝ කලයුතු බවයි.