FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත් වෙන දින ප්‍රකාශයට පත් කර තිබේ.

එම විභාග දෙසැම්බර් මාසයේදී පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් කේ.ඩී. ධර්මසේන පැවසීය.

ඒ අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 4 වන දින සහ උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 5 වන සිට දින ආරම්භ කිරීමට නියමිත ය.

දෙසැම්බර් 5 වන දා උසස් පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මුල් සතිය තෙක් පැවැත්වෙන බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය.