FAST NEWS

24×7 Around the Globe

තට්ටු 12 මහලෙන් බිමට වැටී මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරුළපන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා එම ගොඩනැගිල්ලේ එකොළොස් වැනි මහලේ ජනේලයක් අසල පිරිසුදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එයින් බිමට වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.