FAST NEWS

24×7 Around the Globe

ලිට්‍රෝ මිල පහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම පියාවර ගෙන තිබේ.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 45කින් ද, කිලෝග්‍රෑම් 2.3ක මිල රුපියල් 21කින් ද පහළ දමන බව එම සමාගම පැවසීය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4,551ක් දක්වා පහළ යනු ඇත.