FAST NEWS

24×7 Around the Globe

මියන්මාරයෙන් ලංකාවට සහල් පරිත්‍යාගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මියන්මාරය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 1,000 ක් පරිත්‍යාග කර තිබේ.

යැන්ගොන් නගරයේ වාණිජ වරායකදී එම ද්‍රව්‍ය පරිත්‍යාගය සිදු කෙරුණු බව සඳහන්.

ශ්‍රී ලංකාව සමග පවතින මිතුදම සහ සහයෝගීතාවය සළකා මෙම පරිත්‍යාගය සිදුකෙරුණු බව මියන්මාරය සඳහන් කළා.

මෙම අවස්ථාවට එක්වූ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති J.M. බණ්ඩාර පැවසුවේ ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින ශ්‍රී ලංකාවට මෙම සහල් ආධාරය අතිශය වැදගත් බවයි.