FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට අදත් වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) විටන් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් පැවසීය.