FAST NEWS

24×7 Around the Globe

‘ඇල්ල ඔඩිසි’ ගමන් වාර වැඩිකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් වාර සංඛ්‍යාව වැඩිකර තිබේ.

ඒ, දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලීම මතයි.

ඒ අනුව ලබන 8 වැනිදා සිට දැනට ධාවනය වන දුම්රියට අමතරව සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඹ සිට බදුල්ල දක්වාත්, සෑම සිකුරාදා දිනකම බදුල්ල සිට කොළඹ දක්වාත් දුම්රිය ගමන්වාරයක් ක්‍රියාත්මක කිරීමට වනු ඇති.

දුම්රිය ධාවනයට නියමිත දිනට දින 14 ක කාලයක් තුළ ඒ සදහා ආසන වෙන්කිරීමට හැකියාව පවතින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දැනට ඇල්ල ඔඩිසි දුම්රිය ධාවනය වන්නේ සෙනසුරාදා හා ඉරිදා දිනවල පමණි.