FAST NEWS

24×7 Around the Globe

සජිත් සහ ඩලස් තීරණයක් ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

එය එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද තහවුරු කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වූ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ කණ්ඩායමද අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා විසින් මේ බව තහවුරු කළේය.