(ෆාස්ට් නිව්ස් | කෑගල්ල) – කෑගල්ල, කළුගල්ල මාවතේ සමගි ජන බලවේගයේ ප්රධාන කාර්යාලය ඇතුළත තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
මළ සිරුර ආසන්නයේ තිබී පිස්තෝලයක් ද හමුවී ඇති බව වාර්තා වනවා.
මිය ගිය කාන්තාව සකුන්තලා වීරසිංහ නැමති 38 හැවිරිදි අයෙක් බවටයි වාර්තා වන්නේ.
ඇය එම කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිට ඇති කාන්තාවකි.
ඇය සියදිවි හානි කරගැනීමක් ද නැතහොත් ඝාතනය කිරීමක් ද යන්න පිළිබඳ මේ වනවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.








