FAST NEWS

24×7 Around the Globe

කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 33ක් ආනයනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තිරිඟු පිටි, බිත්තර, පරිප්පු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 33කට අදාළව නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට කොන්දේසි සහිතව අවස්ථාව ලබාදෙමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පෙරේදා (30) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය යටතේ පාරිභෝගිකයකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතුයි

ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබාගත යුතු බවට ද එම ගැසට් නිවේදනයේ කොන්දේසි පනවා තිබෙනවා.

එමෙන්ම භාණ්ඩයක් අලෙවි කරන සෑම අවස්ථාවකම එම භාණ්ඩයේ කුවිතාන්සිය (බිල) පාරිභෝගිකයාට ලබාදී එහි පිටපතක් වෙළෙඳසලේ තබාගන්නා ලෙස ද එම නිවේදනයේ සඳහන් කර ඇත.