FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවේ 12ක් විපක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු අද (31) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් දොළොස් දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පැවසීය.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පක්ෂයක සභාපතිවරයෙකු විපක්ෂයේ අසුන් ගන්නා පලමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වේ.