FAST NEWS

24×7 Around the Globe

අලි සබ්රි හා විජයදාස ජිනීවා යති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය 2022 සැප්තැම්බර් 12 – ඔක්තෝබර් 07 වැනි දින දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දූත පිරිසට නායකත්වය ලබා දෙන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2022 සැප්තැම්බර් 12 වැනි සඳුදා දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී කවුන්සිලය හමුවේ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද මෙම දූත පිරිසට ඇතුළත් වනු ඇත.