FAST NEWS

24×7 Around the Globe

ධානිෂ් ඇතුළු සැකකරුවන්ගේ විමර්ශනයේ ඇත්ත නැත්ත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අනවසරයෙන් ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා කළ බවට චෝදනා එල්ල වී ඇති ධනීෂ් අලි ඇතුළු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සැප්තැම්බර් 26 වැනිදා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.

අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් අදාළ පැමිණිල්ල (29) විභාගයට ගන්නා ලදී. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එහිදී ඇප මත නිදහස් වූ ධනීෂ් අලි ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය. මේ පිළිබද රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිසිල් වසන්ත නමැති සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.