FAST NEWS

24×7 Around the Globe

විදුලිබල ඇමතිගෙන් විපක්ෂයට යෝජනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර එහි සභාපති ධුරය විපක්ෂයට බාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

චම්පික රණවක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉන්ධන අඩු මිලට අලෙවි කළ හැකි බව කියා තිබෙන බව කී අමාත්‍යවරයා එවැනි කාරක සභාවක් හදා විපක්ෂයට භාර දෙනවා නම් විෂය භාර ඇමතිවරයා ලෙස සතුටට පත්වෙන බව කීය.