FAST NEWS

24×7 Around the Globe

විදුලි බිල ගැන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි බිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීම හේතුවෙන් මහජනතාවට විදිමට සිදුවන දුෂ්කරතා පිළිබඳව පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අද (29) පැවැත්වෙයි.

ඒ, විපක්ෂය ගෙන එන යෝජනාවක් අනුවයි.

අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා මෙම කල්තැබීමේ විවාදය පැවැත්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් තීරණය කළේ ය.