FAST NEWS

24×7 Around the Globe

අද දිනයත් පැය 03ක විදුලි කප්පාදුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (29) දිනයේ පැය 03ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැය 1යි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් මෙලෙස විදුලි කප්පාදුව සිදුවනු ඇත.

එසේම CC කලාපය සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි මිනිත්තු 30කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

මේ අතර M,N,O,X,Y,Z, කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට අනුමැතිය ලබා දී තිබේ.

No photo description available.