FAST NEWS

24×7 Around the Globe

හෙට බස් ධාවනය සීමා වෙන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය 25% ක් දක්වා අඩු වීම නිසා දුර ගමන් සේවා දරුණු ලෙස කඩාවැටීමකට ලක් වූ බවත් කෙටි ගමන් සේවා බස් රථ ධාවනය ද සියයට 25 ක් දක්වා අඩුවී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පෞද්ගලික බස් රථ සඳහා අද (28) දිනයේ දී ඉන්ධන ලබා නොදුන්නොත් හෙට දිනයේ දී පූර්ණ වශයෙන් බස් රථ ධාවනය නොවෙනු බවයි.