FAST NEWS

24×7 Around the Globe

කළුතර මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

(ෆාස්ට් නිව්ස් |  කළුතර) – නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් කළුතර මුහුදු වෙරළට ගොඩගසා තිබියදී සොයා ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, කළුතර – උතුර, කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී ඊයේ (27) පස්වරුවේ එම මළ සිරුර සොයාගත් බව ය.

අවුරුදු තිස් පහත් හතළියත් අතරේ පසු වන බවට සැක කෙරෙන මිය ගිය පුද්ගලයාගේ උස අඩි පහයි අගල් හයක් පමණ වන බවට අනුමාන කෙරේ.

කෙසේ වෙතත්, එය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳ තවමත් තොරතුරක් අනාවරණය වී නොමැති අතර කළුතර – උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරයි.