FAST NEWS

24×7 Around the Globe

අදත් වැසි කාලගුණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව අද සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වේ.

ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සදහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දෘෂ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින අතර අද දින (28) දහවල් 12.11ට යාපනය සහ කොඩිකාමම් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවට වාර්තා වනවා.