FAST NEWS

24×7 Around the Globe

ජල ගාස්තුව සංශෝධනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල සම්පාදන යෝජනා ක්‍රම මගින් ජලය සපයනු ලබන සියලුම පාරිභෝගිකයින්ගෙන් 2022 සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ අය කිරීම් සිදු කරන බව එයින් දන්වා තිබේ.

ඕනෑම පරිශ්‍රයක ජල ගාස්තුවට, පරිහරණ ගාස්තුව. මාසික සේවා ගාස්තුව, අනිකුත් ගාස්තු සහ අදාළ බදු ඇතුලත් වේ.

ජල බිල්පතෙහි සාමාන්‍යයෙන් සම්පූර්ණ මාසික ජල ගාස්තුව දැක්වෙන අතර ඕනෑම පාරිභෝගිකයෙකුට තම ජල බිල්පතට අමතරව එකතු කළ අගය මත බදු/ අත්හිටවූ එකතු කළ අගය මත බදු ඉන්වොයිසයක් අවශ්‍ය වේ නම්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි පූර්ව ලියාපදිංචියකින් එය ලබාගත හැකිය.