FAST NEWS

24×7 Around the Globe

රංජට අද සවස අලුත් තනතුරක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

නිදහස්ව පැමිණෙන රංජන් රාමනායකට ලැබෙන නව තනතුර සම්බන්ධයෙන් අද සවස වැඩි දුර තොරතුරු දැනුම්දෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.

රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සදහා වන ලේඛනවලට ජනාධිපති ලේකම්වරයා අද උදෑසන අත්සන් කළ බවද අමාත්‍යවරයා කීවේය.